ඉතින්, වෙලාව තියෙනකොට තමයි බ්ලොග් එකට පෝස්ට් එකක් දාන්නේ. ගොඩක් කාලෙකින්, අද මම කියන්න යන එක ගොඩක් අය දන්නවත් ඇති. නමුත් නොදන්න අයට මේක ගොඩක් ප්රයෝජනවත් වේවි කියලා හිතනවා. මම අද කියන්න යන්නේ සොෆ්ට්වෙයා භාවිතා කරන්නේ නැතුව වයිරස් වලින් හයිඩ් වෙච්ච ෆයිල් හොයාගන්නේ කොහොමද කියන එක.
මේකට අපි යොදා ගන්නේ මයික්රොසොෆ්ට් සමාගමේ පළවෙනි ඔපරේටින් සිස්ටම් එක. ඒ තමයි MS ඩොස් (MS DOS – Microsoft Disk Operating System). ගොඩක් අය මේකට කමාන්ඩ් ප්රමෝට් (Command Prompt)
කියලත්
කියනවා. මේ ඔපරේටින් සිස්ටම් එක අද භාවිතා කරන්නේ නැහැ. හැබැයි අලුතින් එන ඔපරේටින් සිස්ටම්වල ඔප්ශන් (Option) එකක් විදිහට අද කමාන්ඩ් ප්රමෝට් (Command Prompt)
එක
එනවා. දැන් මම කියන්නම් කොහොමද අපි කමාන්ඩ් ප්රමෝට් එකට යන්නේ කියලා.
1.
Start – All Programs – Accessories – Command Prompt
2.
Start – Run - cmd
හොදයි, දැන් බලමු අපි කොහොමද පෙන් එකට ගිහිල්ලා හයිඩ් වෙච්ච ෆයිල් හොයාගන්නේ කොහොමද කියලා. මතක තියාගන්න, සමහරවිට ඔයාලගේ පරිගණකයේ වෛරස් තියෙනවනම් කමාන්ඩ් ප්රමෝට් එකට යන්න දෙන්නේ නැති වෙන්න පුලුවන්, සමහරවිට මැෂින් එක රී ස්ටාට් (Restart) වෙන්නත් පුලුවන්. මේකේ මවුස් එක පාවිච්චි කරන්නේ නැති නිසා කී බෝඩ් එකෙන් තමයි ඔක්කොම කරන්නේ.
1. ඉස්සරලාම අපි පෙන් එක පරිගණකයට සම්බන්ද කරනවා.
2. ඉට පස්සෙ අපි මයි කොම්පියුටර් (My Computer) ගිහිල්ලා අපේ පෙන් එකේ ඩ්රයිවු ලෙටර් (Drive Letter)
එක
මොකක්ද
කියලා
බලනවා.
3. ඉට පස්සෙ ඩොස් එක ඔපන් කරලා මෙහෙම ටයිප් කරනවා. මම දැනට උදාහරනයක් විදිහට මගේ පෙන් එකේ ඩ්රයිවු ලෙටර් (Drive Letter)
එක
E කියලා හදුන්වනවා
E:
(Press Enter key)
හොදයි, දැන් අපි ඉන්නේ අපේ පෙන් එක ඇතුලේ. dir ටයිප් කරලා Enter (Enter key)
ගහපුහාම
මේ
වෙනකොට
පෙන්
එකේ
පේන්න
තියෙන
ඒව
පෙන්නන්න
ඕනෙ. ඒ කියන්නේ හයිඩ් වෙලා නැති ෆයිල්.
දැන් බලමු කොහොමද හයිඩ් වෙච්ච ෆයිල් හොයාගන්නේ කියලා. ඒකට ඔයාලා මේ කෝඩ් එක ටයිප් කරන්න ඕනේ.
attrib –s
–h /s /d *.*
දැන් ඉතින් හයිඩ් වෙලා තියෙන ෆයිල් හැම එකක්ම පෙන්නන්න ඕනේ.
ඉතින් මම හිතනවා ඔයාලා අලුත් දෙයක් ඉගෙනගන්න ඇති කියලා. ඉතින් ආර්ටිකල් එකේ අඩු පාඩු තියෙනවනම් කමෙන්ට් (Comment) එකක් දාන්න. ඔයාලා දාන කමෙන්ට් අපිට හරිම වටිනවා.
අපි ආයෙත් තවත් ආර්ටිකල් එකකින් හමුවෙමු.
0 Comments