Body Image

Body Image

කොම්පියුටර් රාජයාට ගේම දෙන වැඩකාර වදකාරයෝ......



  • ඇඩ්වෙයා (Adware)
මෙය එක් වරක් පරිඝණකයට ස්ථාපිත වූ පසු විවිධ වෙළඳ ප්‍රචාරණවලට අපේ පරිඝණකය නිරාවරණය කරන වැඩසටහනක්.....






  • බ්ලැක් හැට් (BlackHat)
මෙනමින් හැඳින්වෙන්නේ අපරාධ කිරීමේ අරමුණින් තමන්ගේ හැකියාවන් පෙන්වන හැකර්කරුවන්ය.


  • බොට්නෙට් (BotNet)
අන්තර්ජාලය හරහා විශේෂ පාලන පද්ධතියක් සාදා ගෙන,එයට වෙනත් පරිඝණක දහස් ගණනක් ඈදා ගෙන ඒවා තනි පුද්ගලයෙකුගේ අණසකට යටත් කර ගෙන පාලනය කරන ක්‍රමයක්.මෙසේ හසුරුවන්නා 'බොට්නෙට් හාඩර් [BotNet Hader]' නමින් හඳුන්වනවා.



  • කාඩර් (Kader)
ක්‍රෙඩිට් කාඩ් තොරතුරු සොරා ගෙන, ඒවා විකුණන පුද්ගලයන් මේ නමින් හඳුන්වනවා.



  • ඩීඩෝස් (DDOS)
මෙහි තේරුම 'Distributed Debial of Service ' යන්නයි.මෙහිදීත් බොට්නෙට් එකක් හදාගෙන සියලු තොරතුරු සර්වර් එකකට යවා අමාරුවේ දැමීමේ ක්‍රමයක්.



  • ඩ්‍රයිව් බයිස් (Drive Bys)
වෙබ් අඩවියකට යන විට ඉබේම ඉන්ස්ටෝල් වෙන ලෙස සකස් කරලා තියෙන වැඩසටහනක්.



  • මැල්වෙයා (Mal ware)
විනාශකාරී වැඩසටහන් හඳුන්වන පොදු නමක්.




  • ෆිෂිං (Phishing)
බැංකු,ක්‍රෙඩිට් කාඩ් ආයතනවල නම් වලින් ව්‍යාජ ලෙස ඉ-මේල් එවා තොරතුරු සොරා ගන්නා ක්‍රමයයි.



  • ස්ක්‍රිප්ට් කීඩ් (Script Kiddie)
එතරම් දක්ෂ නැති හැකර්වරුවන් මෙසේ හඳුන්වනවා.



  • ස්පයිවෙයා (Spyware)
පරිඝණකයේ ඉන්ස්ටෝල් වූ පසු එහි ඇති රහස් තොරතුරු වෙනත් පාර්ශවයන්ට යවන විනාශකාරී වැඩසටහන්ය.



  • ට්‍රොජන් (Trojan)
මතුපිටින් එතරම් කරදරයක් නැත. නමුත් ක්‍රියාත්මක වීමේදී විනාශකාරීව හැසිරෙන වැඩසටහනකි.






  • වර්ම් (Worm)
වයිරසයක සමාන සංස්ලේෂණය වන විනාශකාරී වැඩසටහනකි.නමුත් වයිරස් වලය 100%ක්ම සමාන නැත.



  • ෆාමිං (Pharming)
විනාශකාරී පුද්ගලයන් විසින් වෙබ් අඩවි වලට පිවිසීමේදී වෙනත් වෙබ් අඩවි වෙත හරවා යවා තදබදයක් ඇති කිරීම මෙසේ හඳුන්වනවා.හා.....



Post a Comment

1 Comments